කෘෂිකර්මය සඳහා විදුලි සහනය අද සිට

Saturday, 01 October 2016 - 14:49

%E0%B6%9A%E0%B7%98%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
කෘෂිකාර්මික කටයුතු සඳහා රාත්‍රී කාලයේ සහන මිලට විදුලිය ලබාදීමේ කටයුතු අද සිට ආරම්භ කෙරුණා.

ඊට අදාළ උත්සවය අද  (01) යාපනය - නිර්වේලිහිදී පැවැත්වුණේ විදුලිබල  සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ ප්‍රධානත්වයෙන්.

ඊට උතුර පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මෙන්ම විෂයභාර නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරාද එක්වුණා.

දැනට විදුලි සේවා ලබාගෙන ඇති පාරිභෝගිකයන්ට කිසිදු අයකිරීමකින් තොරව මේ සඳහා සකස් කර ඇති විශේෂිත මීටරය ලබාදීමට ද නියමිතයි.

නව වැඩපිළිවෙල අනුව රාත්‍රී 10 ත් උදෑසන 5 ත් අතර කාලය තුළ එක් විදුලි ඒකකයක් සඳහා අය කෙරන්නේ රුපියල් 6 යි ශත 85 ක මුදලක්.

දැනට පවතින ගාස්තු ක්‍රමවේදය යටතේ විදුලි ඒකකයකට රුපියල් 10 යි ශත 80 ක මුදලක් අය කළා.

කෙසේ වෙතත් උදෑසන 5 ත් සවස 6.30 ත් අතර කාලය තුළ විදුලි  ඒකකයක් සඳහා රුපියල් 11 ක මුදලක් අය කෙරෙන අතර, පස්වරු 6.30 ත් රාත්‍රී 10 ත් අතර කාලය තුළ විදුලි ඒකකයක් සඳහා රුපියල් 20 යි ශත 50 ක මුදලක් අය කරන බවද විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

කෘෂිකාර්මික කටයුතු සඳහා විදුලිය සැපයීමේදී අයකළ රුපියල් 600 මාසික ස්ථාවර ගාස්තුවද අද සිට රුපියල් 300 දක්වා අඩුකරන බව මෙහිදී ප්‍රකාශ වුණා.