ශිෂ්‍ය නායකයෙකුට තියුණු ආයුධයකින් පහර දුන් සිසුවෙකු අත්අඩංගුවට

Saturday, 01 October 2016 - 14:57

%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94++%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කටුගස්තොට ප්‍රදේශයේ පාසලක ශිෂ්‍ය නායකයෙකුට තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල සිදුකළ එම විදුහලේම 10 වන වසරේ සිසුවෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදුහලේ 11 වන වසරේ සිසුවෙකු වූ එම ශිෂ්‍ය නායකයාට ප්‍රහාරය එල්ල වී ඇත්තේ පසුගිය බදාදායි.

ක්‍රිකට් තරඟයක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සදහන්.

රෝහල් ගත කළ එම ශිෂ්‍යයාගේ උරහිසේ තිබී අගල් දෙකක පමණ පිහි කැබැල්ලක් ඊයේ ශල්‍යකර්මයක් මගින් ඉවත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාර සිසුවා අද දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.