සමථ මණ්ඩලයට යොමු කළ පැමිණිල්ලක් ඝාතනයකින් කෙළවර වේ

Saturday, 01 October 2016 - 15:09

%E0%B7%83%E0%B6%B8%E0%B6%AE+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9C%E0%B6%B8%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B7%85%E0%B7%80%E0%B6%BB+%E0%B7%80%E0%B7%9A
කුරුණෑගල -  ඇත්කඳ විහාරයේ අද රැස්වූ කුරුණෑගල කලාපයේ සමථ මණ්ඩලයේදී සිදුවූ පිහි ඇණුමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයා සහ තවත් පුද්ගලයෙකු අතර ඉඩමක් සම්බන්ධයෙන් පැවති ආරවුලක් විසඳීම සඳහා පොලීසිය අදාළ සිද්ධිය සමථ මණ්ඩලයට යොමුකර තිබුණා.

ඒ අනුව පැමිණිල්ල විභාග කිරීම සඳහා ඔවුන් අද පැමිණ ඇති අතර, එහිදී දෙපාර්ශවය අතර බහින්බස්වීමක් සිදුව තිබෙනවා.

අනතුරුව චෝදනාව එල්ලවී ඇති පාර්ශවයේ පුද්ගලයා පැමිණිලිකරුට පිහියකින් ඇණ ඇති අතර, ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා.

මියගිය පුද්ගලයා කුරුණෑගල - විල්ලෝරා වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඝාතනය සිදුකළ පුද්ගලයා ඔහුගේ අසල්වැසියායි.

සැකකරු කුරුණෑගල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.