ත්‍රස්ත මර්ධනය වෙනුවට ත්‍රස්තවාදයට එරෙහිවීමේ පනතක්

Saturday, 01 October 2016 - 18:10

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයට එරෙහිවීමේ නව පනතක් ඉදිරියේදී ගෙන එන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

නවසීලන්තයේ තුන්දින නිල සංචාරයක නිරතවන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ එරට අග්‍රාමාත්‍යවරයා සමඟ අද (01) පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවයද  ඕක්ලන්ඩ්  හි රාජ්‍ය මන්දිරයේදී අද පැවැත්වුණා.

අනතුරුව දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර ද්විපාර්ශවික සාකච්ඡා ආරම්භ වූ අතර ඉන් පසුවයි ඔවුන් ඒකාබද්ධ මාධ්‍ය හමුවට එක්වුණේ.