ජනවාරියේ දේශපාලන වෙනසක්, වෙල්ගම හෙළි කරයි

Sunday, 02 October 2016 - 7:30

%E0%B6%A2%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ලබන ජනවාරි මාසය වනවිට මෙරට දේශපාලනය වෙනස් වන බව හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම ප්‍රකාශ කළා.

යටියන්තොට ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නරක කාලය දැන් අවසන් වී ඇති බවයි.

‘‘අපිට පුලූවන්ද තවත් අවුරුදු පහක් ඉන්න. මොකද මහින්ද මහත්තයාගේ නරක කාලේ දැන් ඉවරයි. 19 වන සංශෝධනයේදී මොන මොන ඒවා දැම්මත්, දැන් 19 දී සංශෝධනය දැම්මානේ අවුරුදු හතරහමාරක් යනකම් ආණ්ඩුව විසුරුවන්න බෑ කියලා. නමුත් ඇතුලේ ඔලූගෙඩි මාරු කරන්න පුළුවන්. මේවා ඔක්කොම තියෙද්දී තමුන්නාන්සේලාට කියනවා, කලබල වෙන්න එපා. ජනමත විචාරණයක් ආවත්, ප්‍රාදේශීය සභා මැතිවරණයක් ආවත්, ජනවාරි මාසේ වෙනකොට වෙනසක් ඇති වෙනවා, ඇති වෙනවාමයි. ’’