ජනපති, අගමැති ඉන්දියාවට

Sunday, 02 October 2016 - 12:07

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරි සති දෙක තුළ ඉන්දියාවේ සංචාරයන්හි නිරත වනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉන්දියාව බලා යන්නේ එහි පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවට සහභාගි වීම සඳහායී.

සංවර්ධනය වෙමින් පවත්නා රටවල් සහ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව ඇතුළත් අන්තර් මහාද්වීපික සංවිධානයක් වන බ්‍රික්ස් මෙවර සිය සමුළුව පවත්වන්නේ ඉන්දියාවේ ගෝව නගරයේදීයි.

මෙම සමුළුව සඳහා එක්වන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බිම්ස්ටෙක් සංවිධානයේ සාමාජික රටවලටද ආරාධනා කර තිබෙනවා.

බිම්ස්ටෙක්, බෙංගාල බොක්ක වටා පිහිටි රටවල් අතර බහුවිධ තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව ඇතිකර ගැනීම සඳහා බිහි කළ සංවිධානයක්.

ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද ඔක්තෝම්බර් 15 වනදා සහ 16 වනදා ගෝව නගරයේ පැවැත්වෙන එම සමුළුව සඳහා සහභාගි වනු ඇති.
 
මේ අතර, නවසීලන්ත සංචාරය නිමවා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලබන අඟහරුවාදා සිංගප්පූරුව හරහා නවදිල්ලි නුවරට පැමිණෙනවා.

බදාදා දිනයේදී ඔහු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡාවක නිරතවීමට නියමිතයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඔහුගේ අමාත්‍ය මණ්ඩලය සමඟ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වෙත දිවාභෝජන සංග්‍රහයක්ද සංවිධාන කර ඇති බව සඳහන්.