විග්නේෂ්වරන් ගැන වාසු කතා කරයි

Sunday, 02 October 2016 - 12:09

%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%94+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ට අතීතයේදී උතුරේ මහඇමතිවරුන්ට අත්වු ඉරණම අත්නොවනු ඇතැයි සිතිය නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

තංගල්ල ප්‍රදේශයේ ඊයේ (01) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ විග්නේෂ්වරන් කුමන ප්‍රකාශ සිදුකළද රට බෙදන හෝ රණවිරුවන් පාවා දෙන කිසිදු ක්‍රියාදාමයකට රජය ඉඩ නොතබන බවයි.

මේ අතර, උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරද ඊයේ (01) අදහස් පළ කළා.

ඒ, ඒකාබද්ධ විපක්ෂය රත්නපුර ප්‍රදේශයේ සංවිධාන කර තිබූ උත්සවයකට එක්වෙමින්. එහිදී ඔහු කියා සිටියේ ඇමරිකාවේ උසි ගැන්වීම් මත මහඇමතිවරයා මෙවැනි ප්‍රකාශ සිදුකරන බවයි.

කෙසේ වෙතත්, ප්‍රාදේශීය දේශපාලනඥයින් සිදුකරන ප්‍රකාශ ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතුවලට බාධාවක් කර නොගත යුතු බවයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සඳහන් කළේ.

මහනුවරදී රාමඤ්ඤ මහ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපානේ ප්‍රේමසිරි නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.