දුම්වැටි හිඟ වේ

Sunday, 02 October 2016 - 12:17

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%9F+%E0%B7%80%E0%B7%9A
දුම්වැටියක මිල ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කිරීමෙන් පසු වෙළඳපොලේ මේ වනවිට දුම්වැටි හිඟයක් මතුව තිබෙනවා.

දුම්වැටියක් සඳහා 15% ක වැට් බද්දක් පැනවීමට සහ ප්‍රමාණය සහ වර්ගය නොසලකා සෑම දුම්වැටියකම නිෂ්පාදන බද්ද රුපියල් 05 කින් ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩලය පසුගිය සතියේ අනුමැතිය ලබාදුන්නා.

එහෙත්, ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනතෙක් නිකුත් කර නොමැති බවයි මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ නිසා ඇතැම් වෙළඳුන් දුම්වැටි විවිධ මිල ගණන් යටතේ අලෙවි කරන බවටද හිරු ප්‍රවෘත්ති අංශයට තොරතුරු වාර්තා වුණා.

කෙසේ වෙතත්, දුම්වැටි තොග සඟවන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි මෝදර අද (02) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කළේ.