හිටපු ජනපතිගෙන් විමල්ට අනතුරු ඇගවීමක්

Monday, 03 October 2016 - 8:04

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැලිගම ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධනට ඒකාබද්ධ විපක්ෂයේ වැලිගම ආසන සංවිධායක ධුරය පිරිනැමීම ඊයේ සිදුකෙරුණා.

ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

වැලිගම නගරයේ පැවති ජන හමුවකදී මෙම ආසන සංවිධායක ධුරය පිරිනැමුණු අතර, ඊට එක්වෙමින් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට අනතුරු ඇගවීමක් ද සිදුකළා.  

එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා.

‘‘දැන් මම අර හදපු ඒවා එයාලා හදපු විදියට පෙන්නගෙන දැන් විවෘත කරගෙන යනවා. දැන් අලුත්ම සෙල්ලම ඒකයි. අපි මොකුත් කරලම නෑ. සියඹලා ඇත්තෙම නෑ. හැබැයි ලස්සන වැඬේ මේ කතා කරන හැම එකාම අපිට විරුද්ධව ගිහින් ශ්‍රී ලංකා එකෙන් කැබිනට් මණ්ඩලයේ අද වාඩිවෙලා ඉන්න හැම එකාම අපේ කැබිනට් එකෙත් හිටියා. මම දැන් හිතනවා යකෝ මුන් එක්කනේ කැබිනට් එකේ හිටියේ කියලා. ඔයින් ගියා ඇති. අපිව හිරේ දායි. අපේ දරුවෝ හිරේ දායි. හිරේ ගිහින් එනවා ඉතින්.  ඕක එච්චර දෙයක් නෙමෙයි. තව ටික දවසකින් ලෑස්ති වෙන්න විමල් බෑග් එක එහෙම අරගෙන. හැබැයි ඒකෙත් සීමාවක් තියෙනවා මිනිහෙකුට. බිත්තියට තල්ලු  කරගෙන ගිහිල්ලා බිත්තිය ගාවට එනකම් අපි පහු බහින්නම්. හැබැයි බිත්තියට හේතුවෙලා වදින ජාතියේ මිනිස්සු නෙමෙයි අපි."