අගමැති Hobbiton සිනමා ගම්මානය නැරඹීමට එක්වෙයි

Monday, 03 October 2016 - 8:17

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+Hobbiton+%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B6%BB%E0%B6%B9%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජාත්‍යන්තර ජනාදරයට පත් ලෝඞ් ඔෆ් ද රිංග්ස් චිත්‍රපට ත්‍රිත්වය සහ The Hobbit චිත්‍රපටය රූ ගත කිරීම් සඳහා යොදාගත් දර්ශන තල අයත් Hobbiton සිනමා ගම්මානය නැරඹීමට නවසීලන්තයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලූ දූත පිරිස එක්වුණා.

ලෝකයේ විවිධ රටවලින් වසරකට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණෙන Hobbiton සිනමා ගම්මානය පිහිටා ඇත්තේ නවසීලන්තයේ හැමිල්ටන් නුවරට ඔබ්බෙන් පිහිටා ඇති වයිකටෝ නගරය ආශ්‍රිතවයි.

අග්‍රාමාත්‍යවරයා ඇතුලූ පිරිස පැයකට අධික කාලයක් මෙම ගම්මානයේ සංචාරය කරමින් දර්ශන තල සහ ජනතා ආකර්ශනීය ස්ථානයක් ලෙස මෙය පවත්වාගෙන යෑමේ උපක්‍රම පිළිබඳව අධ්‍යයනය  කර තිබෙනවා.

කළකට පෙර සත්ව ගොවිපලක් වශයෙන් පවත්වාගෙන ගිය මේ පරිශ්‍රය සිනමා පසුතල සඳහා සුදුසුයැයි යෝජනා කළේ නවසීලන්ත සිනමා අධ්‍යක්‍ෂ පීටර් ජැක්සන් විසින්.

ඒ ඔහුගේ ලෝඞ් ඔෆ් ද රිංග්ස් චිත්‍රපටය සඳහා සුදුසු දර්ශන තලයක් සොයමින් සිටි අවස්ථාවකයි.

ඒ අනුව මෙම සත්ව ගොවිපොල සිනමා දර්ශන තලයකට පරිවර්තනය කෙරුණු අතර නවසීලන්ත රජය ඒ වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරමින් එරට යුද හමුදාව යොදවා ප්‍රවේශ මාර්ග සකසා දී තිබෙනවා.