නිවසේ සියල්ලන් පිටව ගිය පසු පාසල් සිසුවිය කරගත් අපරාධය

Monday, 03 October 2016 - 11:06

%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%BA
බදුල්ල - මඩොල්සිම - වැරැල්ලපත්න ප්‍රදේශයේදී 11 හැවිරිදි පාසල් සිසුවියක් ඊයේ ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඇය ජීවත් වූ නිවස පිටුපස ගසක එල්ලී මෙලෙස සියදිවි හානිකරගෙන සිටියදී ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන ඇති බවයි.

සියදිවි හානිකරගන්නා අවස්ථාවේදී නිවසේ කිසිවෙකුත් සිට නොමැති බවටයි වාර්තාවන්නේ.

ඇය මඩොල්සිම දෙමළ මහා විද්‍යාලයේ 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අතර, සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.