දඹුල්ල ඩිපෝවේ සේවක වර්ජනය අවසන් (ඡායාරූප සහිතයි)

Monday, 03 October 2016 - 11:09

%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%A9%E0%B7%92%E0%B6%B4%E0%B7%9D%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%29
දඹුල්ල ඩිපෝවේ කළමනාකාරවරයාට ස්ථාන මාරුවක් ලබාදීමට එරෙහිව ඩිපෝ සේවකයන් ආරම්භ කළ වර්ජනය නවතා දමා තිබෙනවා.

ඒ, ස්ථාන මාරු ලැබූ ඩිපෝ කළමනාකාරවරයා යළි සේවයේ පිහිටුවන බවට ලබාදුන් ලිඛිත පොරොන්දුවක් මතයි.

මේ අතර මෙම ඩිපෝ කළමනාකරුගේ ස්ථාන මාරුවීම  සම්බන්ධයෙන් සතුට පළ කරමින්  ඩිපෝ සේවකයන් පිරිසක් ඊයේ රාත්‍රියේ බීමත්ව අශෝභන ලෙස හැසිරුණු බවට ලැබී ඇති වාර්තාවක් අනුව ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක්ද ක්‍රියාත්මකයි.



ඡායාරූප -දඹුල්ල කාංචන කුමාර ආරියදාස