හිටපු මහ බැංකු අධිපති FCIDයට

Monday, 03 October 2016 - 11:23

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+FCID%E0%B6%BA%E0%B6%A7
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය වෙත පැමිණියා.

ඒ 2017 වසරේ බහමාස් දූපතේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය යෞවන ක්‍රීඩා උළෙලෙ ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා ලන්සු තැබීමේදී සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටයි.

මෙම ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා රුපියල් මිලියන 690ක මුදලක් වැයකර ඇති බවද අදාල පැමිණිල්ලේ සඳහන්.

පෙරවරු 9යි 30ට මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය වෙත පැමිණි හිටපු මහ බැංකු අධිපතිවරයාගෙන් මේවනවිටත් ප්‍රකාශ ලබාගනිමින් සිටින බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.