ඇල්ල පාසල් ළමුන් දෙදෙනෙකු නොකළයුතු වැඩක් කර පොලිස් දැලේ

Monday, 03 October 2016 - 11:31

%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%85%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A
බදුල්ල - ඇල්ල - උඩුවර ප්‍රදේශයේ වෙළඳසැලකට ඇතුලුවී භාණ්ඩ සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාසල් ළමයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ ඔවුන් මෙලෙස වෙළඳසැලට ඇතුලුවී රුපියල් 1750ක වටිනාකමකින් යුත් ප්ලාස්ටික් කෑම ඇසුරුම් පෙට්ටි 19ක්, සිසිල් බීම බෝතල්, බිස්කට් සහ දුම්වැටි ආදිය සොරකම් කර ඇති බවයි.

ඔවුන් ඇල්ල ප්‍රදේශයේ දෙමළ පාසලක ඉගෙනුම ලබන 11 වන ශ්‍රේණියේ සිසුන් බවද පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.