හම්බෙගමුවේ පිහි ඇණුමකින් පුද්ගලයෙකු මරුට

Monday, 03 October 2016 - 11:39

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%99%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B6%87%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
හම්බෙගමුව - දම්වැල්  ඕඩය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ පිහි ඇණුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පෞද්ගලික ආරවුලක් මත සිදුවූ මෙම පිහි ඇණුමෙන් මියගොස් ඇත්තේ 38 හැවිරිදි දෙදරු පියෙක්.

පිහි ඇණුම සිදුකළ පුද්ගලයා ද මෙම සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගතකර ඇති බව හම්බේගමුව පොලීසිය සඳහන් කළා.