කොළොම්බියානු ජනතාව සාම ගිවිසුම ප්‍රතික්ෂේප කරයි

Monday, 03 October 2016 - 11:48

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ෆාර්ක් ගරිල්ලන් සහ කොළොම්බියානු රජය අතර අත්සන් තැබුණු සාම ගිවිසුම ඉවත  දැමිය යුතු බවට පවසමින් එරට ජනතාව බහුතරයක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, මෙම සාම ගිවිසුම අනුමත කළ යුතුද, එසේ නොමැතිනම් ඉවත දැමිය යුතුද යන්න පිළිබඳ ඊයේ පැවති ජනමත  විචාරණයේදියි.

ඒ අනුව කොළොම්බියානු ජනතාවගෙන් සියයට 50.24 ක් සාම ගිවිසුම ප්‍රතික්ෂේප කරමින් ඡන්දය  ප්‍රකාශ කර තිබීම විශේෂත්වයක්.

ලතින් ඇමරිකාවේ දීර්ඝතම සිවිල් යුද්ධය  ලෙස සැළකෙන මෙය නිමාවට පත් කරමින් මෙම ගිවිසුම අත්සන් තැබුණේ පසුගිය සතියේදියි.