වතුකරයේ අදත් උද්ඝෝෂණ (ඡායාරූප)

Monday, 03 October 2016 - 13:02

%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
තම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් මධ්‍යම කදුකරයේ වතු කම්කරුවන් අද දිනයේද විරෝධතාවල නිරත වුණා.

රාගල, කොටගල, හපුතලේ, වටවල සහ කඳපොළ ආදී ප්‍රදේශවල උදෑසන කාලයේ මොවුන් මෙලෙස විරෝධතාවල නිරත වූ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

පසුගිය 24 වැනිදා සිට වතු කම්කරුවන් සිය දෛනික වැටුප ඉහල දමන ලෙස ඉල්ලා විරෝධතාවල නිරත වනවා.

සිය දෛනික වැටුප් ඉහල දැමීමට බලධාරීන් කටයුතු නොකළහොත් අඛණ්ඩව මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි කදපොල නගරයේ විරෝධතාවයේ නිරත වන වතු කම්කරුවන් කියා සිටියේ.

මෙම විරෝධතා නිසා හැටන් - කොළඹ, නුවරඑළිය - උඩුපුස්සැල්ලාව, කොළඹ - බදුල්ල මාර්ගවල ගමනාගමන කටයුතුවලටද බාධා එල්ලවූ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.



වටවල ප්‍රදේශයේ උද්ඝෝෂනයේ නිරත වූ ආකාරය


 
තලවකැලේ ප්‍රදේශයේ උද්ඝෝෂනයේ නිරත වූ ආකාරය



හැටන් ප්‍රදේශයේ උද්ඝෝෂනයේ නිරත වූ ආකාරය



 ඡායාරූප හැටන්- රංජිත් රාජපක්ෂ /මස්කෙළිය- ගාමිණී බණ්ඩාර

Update : Monday, October 3, 2016 14.27
-----------------------------------------------------

විරෝධතාවක් හේතුවෙන් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ග හපුතලේ නගරයෙන් අවහිර වී තිඛෙනවා.

ඒ වතු කම්කරුවන්ගේ විරෝධතාවක් හේතුවෙන්.

වතු කම්කරුවන් මෙලෙස විරෝධතාවයේ නිරතවන්නේ සිය දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින්.



(ඡායාරූප - නයනානන්ද බුවනෙක)