ගෝඨාට රට යන්න නීතියෙන් අවසර

Monday, 03 October 2016 - 13:38

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB

ඔක්තොම්බර් මස 05 වැනිදා සිට 30 වැනිදා දක්වා චීනයේ සංචාරයක නිරත වීම සඳහා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිිලපිටිය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට අද අවසර ලබා දුන්නා.

චීනයේ ආරක්ෂක සම්මන්ත්‍රණයකට සහභාගි වීමට ලැබුණු ආරාධනාවකට අනුව එහි යාමට අපේක්ෂා කරන බැවින් ගුවන් ගමන් බලපත්‍රය නිදහස් කරන ලෙස ඔහුගේ නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

ඒ අනුව විදෙස් ගමන් බලපත්‍රය තාවකාලිකව මුදා හළ මහෙස්ත්‍රාත්වරයා ගෝඨාභය රාජපක්ෂට රුපියල් පනස් ලක්ෂයක අමතර ශරීර ඇපයක්ද නියම කළා.

ඇවන්ගාඞ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙනයාමට අවසර ලබාදීමෙන් රජයට මූල්‍යමය පාඩුවක් සිදු කිරීමේ චෝදනාව යටතේ අල්ලස් කොමිසම පවරා තිබූ නඩුවකට අදාලව ගෝඨාභය ඇතුළු 08 දෙනෙකු පසුගිය 30 වැනිදා ඇප මත මුදා හැරුණා.

මෙම සිද්ධියට අදාලව චෝදනා එල්ල වී ඇති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු ද ආසියානු මලල ක්‍රීඩා සංගමයේ ආරාධනාවකට අනුව විදෙස් ගත වීමට අවසර ඉල්ලා තිබුණත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එය ප්‍රතික්ෂේප කළා.