අලි ගමන් රටාවේ වෙනසක්

Monday, 03 October 2016 - 14:10

%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
පවතින වියලි කාලගුණයත් සමඟ වන අලීන්ගේ සංචරණ රටාවේ වෙනසක් සිදුව ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව පවසනවා.

වන අලින් වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එස්.ඒ. පතිරත්න කියා සිටියේ.

මේ අතර වැසි නොමැති වීම නිසා  ජාතික වනෝද්‍යානවල සිටින සතුන්ටද බලපෑම් එල්ලවී තිබෙනවා.

එම සතුන්ට නිර්මාණය කරන ලද කුඩා පොකුණුවලට ස්වයංක්‍රිය මෝටර් මගින් ජලය ලබාදීමේ වැඩපිළිවෙලක් වනජීවී දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති බවයි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළේ.