විහාර දේවාලගම් සහ ථේරවාදී භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පත් විවාදයට ගැනීම දින නියමයක් නොමැතිව කල් තැබේ

Monday, 03 October 2016 - 14:59

%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AE%E0%B7%9A%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%94+%E0%B6%9A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%9A
මෙම සතිය තුළදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබූ විහාර දේවාලගම් සංශෝධිත පනත් කෙටුම්පත සහ  ථේරවාදී භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පත  විවාදයට ගැනීම දින නියමයක් නොමැතිව කල් තැබීමට පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා.

අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය  කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ.

අද පෙරවරු 11ට පමණ මෙම පක්ෂ නායක රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණේ නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන්.
 
විහාර දේවාලගම් සංශෝධිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මතභේදයක් ඇතිවුණේ දියවඩන නිලමේවරයා තෝරා ගත යුතු ආකාරය පිළිබදව මතු වූ ප්‍රශ්නයක් හේතුවෙන්.

දියවඩන නිලමේවරයා තෝරා ගැනීමේදී සෙසු නිකායන් සඳහා අලූතින් ඡන්ද අයිතිය ලබා දෙන්නේ නම් මෙම පනත සංශෝධනය නොකළ යුතු බව සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් ප්‍රකාශ කළා.

ඒ, මෙම පනත සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ පසුගිය දා මල්වතු මහා විහාරයේදී උන්වහන්සේ බැහැ දුටු අවස්ථාවේදියි.

මේ අතර ලබන 5 වනදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට තිබූ අපරාධ නීති සංශෝධන පනත් කෙටුම්පත හෙට දිනයේදී විවාදයට ගැනීමට නියමිතයි.