තාජුඩීන්ගේ සිරුර කොටස් සොයා, සී.අයි.ඩී.ය සයිටම් යයි

Monday, 03 October 2016 - 15:02

%E0%B6%AD%E0%B7%8F%E0%B6%A2%E0%B7%94%E0%B6%A9%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%2C+%E0%B7%83%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%A9%E0%B7%93.%E0%B6%BA+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ පළමු පශ්චාත් මරණ පරීක්ෂණයේදී අතුරුදන් වූ ශරීර කොටස් සම්බන්ධයෙන් මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පරීක්ෂා කිරීමට අධිකරණය, අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදුන්නා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් හමුවේ කළ ඉල්ලීමකට අනුවයි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් සහ වෛද්‍ය විශේෂඥයින් කණ්ඩායමක් මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙත පිටත් කර යවනු ලැබුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දස දෙනෙකු සහ විශේෂඥ වෛද්‍යවරුන් 3 දෙනෙකු එම කණ්ඩායමට අයත්.

ඔවුන් මේ වන විටත් එම පරීක්ෂණ කටයුතුවල නිරතව සිටිනවා.