හලාවත - වට්ටක්කල්ලියේදී පුද්ගල ඝාතනයක් (ඡායාරූප)

Monday, 03 October 2016 - 15:04

%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+-+%E0%B7%80%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හලාවත - වට්ටක්කල්ලිය ප්‍රදේශයේ දී අද උදෑසන ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

හලාවත පොලීසිය සදහන් කළේ ඔහුගේ ඝාතනය සිදුකළ ආකාරය ද මෙතෙක් අනාවරණ වී නොමැති බවයි.

කෙසේ වෙතත් ඝාතනය සඳහා පුද්ගලයින් 4 දෙනෙකු මෝටර් රථයකින් පැමිණ ඇති බවයි පොලීසිය සදහන් කළේ.

අදාළ ව්‍යාපාරිකයා පොලියට මුදල් ලබාදෙන්නෙකු බවට අනාවරණ වී තිබෙනවා.

ඔහුගේ සිරුර අද උදෑසන සිය නිවසේ ඇදක් මත හමුවුණේ අත් පා සහ මුඛය ද රෙදි පටිවලින් ගැට ගසා තිබියදියි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 44ක් වන අතර ඔහු දෙදරු පියෙක්.

මිය ගිය පුද්ගලයාගේ බිරිඳ කලක පටන් ඔහුගෙන් වෙන්ව ජීවත් වන බවයි අනාවරණ වී ඇත්තේ.

මෙම ව්‍යාපාරිකයා වසර 25ක් පමණ ඉතාලියේ සේවය කර ශ්‍රී ලංකාවට පැමිණි අයෙක්.

හලාවත පොලීසිය සදහන් කළේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් විමර්ශන ක්‍රියාත්මක බවයි.



ඡායාරූප - පුත්තලම ජුඩ් සමන්ත