ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට නවසීලන්තයේ කැමැත්ත

Monday, 03 October 2016 - 18:15

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD
ශ්‍රී ලංකාවේ ආර්ථික හා මූල්‍ය වර්ධන ක්‍රියාවලියට වෙනුවෙන් සහයෝගය ලබාදීමට නවසීලන්ත මුදල් අමාත්‍ය බිල් ඉංග්ලිෂ් කැමැත්ත පළ කර තිබෙනවා.

අද පෙරවරුවේ නවසීලන්තයේ - වෙලිංටන් නුවරදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු දුත පිරිස සමග සාකච්ඡාවක් පවත්වමින් ඔහු මෙම ප්‍රකාශය සිදුකළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙහිදී ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික හා මූල්‍ය අභියෝග පිළිබදව සාකච්ඡා කර තිබෙනවා.

මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අද පෙරවරුවේ වෙලිංටන් නුවර අග්‍රාණ්ඩුකාර ශ්‍රීමති පැටිසි රෙඞ්ඩි ද හමුවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තය නවීකරණය කරලීම සහ ජාතික චිත්‍රපට සංවර්ධන මණ්ඩලය ස්ථාපිත කරලීම සම්බන්ධව නවසීලන්තයේ අත්දැකීම් සහ සහයෝගය පමණක් නොව තම පුද්ගලික සහය ද ලබාදෙන බවයි ඇය එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

පොදුරාජ්‍ය මණ්ඩලීය සබදතා, ජාත්‍යන්තර සමාජ හා ආර්ථික ප්‍රවණතා මෙන්ම ශ්‍රී ලංකාවේ නව සංවර්ධන ප්‍රවේශයන් පිළිබදව ද එහිදී සාකච්ඡා කර තිබෙනවා.

මේ අතර තෙදින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට ඉන්දියාවට පැමිණීමට නියමිතයි.

එහිදී අග්‍රාමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්කිහිප දෙනෙක් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා.