විග්නේශ්වරන්ගෙන් යළි පැහැදිළි කිරීමක්

Monday, 03 October 2016 - 18:57

%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
දෙමළ සමාජය සංවිධානය වෙමින් සිටින්නේ රජයට, සිංහල ජනතාවට හෝ බෞද්ධාගමට විරුද්ධව නොව තිස් වසරක් පුරා තමන්ට අහිමිව තිබුණ දේ දිනාගැනීමට පමණක් බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ විදෙස් මාධ්‍යවේදීන් පිරිසක් හමුවූ අවස්ථාවේදී.

මේ අතර උතුරේ මහඇමති සී.වී.විග්නේෂ්වරන් පසුගියදා සිදුකළ ප්‍රකාශයට එරෙහිව ඔහු වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් සිංහලේ ජාතික පෙරමුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඉන් අනතුරුව එම පෙරමුණේ සභාපති පූජ්‍ය අගුලූගල්ලේ සිරිජිනානන්ද හිමි හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ උතුර මහඇමතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ක්‍රියාවලියක නිරත වූ බවයි.

මේ අතර, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ස්විට්සර්ලන්ත අධිකරණ ඇමතිනී සිමොනෙටා සොමරුගා අද උතුර පළාත් මහඇමති සී.වී විග්නේෂ්වරන් හමුව තිබෙනවා.

එහිදී උතුර පළාත් මහඇමතිවරයා ඇයගෙන් ඉල්ලා ඇත්තේ ෆෙඩරල් ක්‍රමය පිළිබඳව රජයත්, සිංහල ජනතාවත් දැනුවත් කරන ලෙසයි.

ස්විට්සර්ලන්ත අධිකරණ ඇමතිනී සිමොනෙටා සොමරුගා ශ්‍රී ලංකාවට පැමිණියේ විශේෂයෙන් එරට සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් නැවත මෙරටට එවීමට ඇති හැකියාව පිළිබදව සොයා බැලීමටයි.

ස්විට්සර්ලන්තයේ සංක්‍රමණය පිළිබදව ලේකම් කාර්යාලය පසුගිය ජුලි මාසයේදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය වැඩි දියුණු වීම හේතුවෙන් දෙමළ සංක්‍රමණිකයන්ට රැකවරණ ලබාදීමේදී දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බවයි.