Update : අම්බලන්ගොඩ දී පොල්ලකින් පහර දී ඝාතනයක් සිදුකළ සැකකරු අත්අඩංගුවට

Tuesday, 04 October 2016 - 7:08

Update+%3A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අම්බලන්ගොඩ - ඉඩන්තොට ප්‍රදේශයේදී පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවෙකු අම්බලන්ගොඩ පොලීසිය අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගලගොඩ ප්‍රදේශයේ සැඟවී සිටියදී අලුයම 4.30ට පමණ ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලීසිය සඳහන් කළේ.

පසුගිය ඔක්තෝම්බර් 1 වන දා උදෑසන පොල්ලකින් පහර දී 63 හැවිරිදි පුද්ගලයෙකු මරණයට පත් කිරීම ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.

සැකකරු මිය ගිය පුද්ගලයා සමඟ එක්ව මත්පැන් පානය කිරීමෙන් පසුව ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණ වී ඇත්තේ. සැකකරු අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

(සංවේදී දර්ශන සහිත බැවින් කම්පනයට පත්වන පුද්ගලයන් නැරඹීමෙන් වලකින්න)