සාක් සංවිධානයෙන් නිසි ප්‍රතිඵල නොලැබේ නම්, විකල්පයක් කරා යාමට සිදුවේවි - අග්‍රාමාත්‍යවරයා නවසීලන්තයේදී කියයි

Tuesday, 04 October 2016 - 7:28

%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD+%E0%B6%B1%E0%B7%9C%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%9A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A%2C+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B7%80%E0%B7%92+-+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සාක් සංවිධානය එහි සියලූ සාමාජිකයින්ට පිළිගත හැකි සියලු ප්‍රතිඵල ලබාදීමට අසමත් වේ නම් ශ්‍රී ලංකාවට වෙනත් විකල්පයක් වෙත යොමු වීමට සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

සිය නවසීලන්ත සංචාරයේදී එරට පාර්ලිමේන්තු මන්දිරයේ ඊයේ පැවැති විශේෂ දේශනයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළා.

ශ්‍රී ලංකාව සහ ලෝකයේ ඊට හිමි තැන මැයෙන් මෙම දේශනය සිදුකළ අතර, ආසියා - නවසීලන්ත පදනම විසින් එය සංවිධාන කර තිබුණා.

දේශනයට සවන් දීම සදහා පොදුරාජ්‍ය මණ්ඩල පදනමේ සභාපති නවසීලන්තයේ හිටපු අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් ආනන්ද් සත්‍යානන්ද් ඇතුළු එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විද්වතුන් පිරිසක් එක්ව සිටියා.

මේ අතර, නවසීලන්ත සංචාරය නිමවා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද තුන් දින චාරිකාවක් සඳහා ඉන්දියාවට පැමිණෙනවා.

ඔහු හෙට දිනයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි ද මුණ ගැසීමට නියමිතය