Update : ගුවන් ගමන් පාලකවරුන්ගේ ගැටළුවට විසදුම් සොයන්න, පස්වරුවේ සාකච්ඡාවක්

Tuesday, 04 October 2016 - 7:36

Update+%3A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ගුවන් ගමන් පාලකවරුන් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ගුවන් ගමන් පමාවක් සිදුව ඇති බව හිරු ගුවන් තොටුපළ වාර්තාකරු පවසනවා. 

ගුවන් පාලකවරුන්ගේ සංගමය ද කියා සිටියේ මේ නිසා ගුවන් ගමන් පමාවක් සිදුවිය හැකි බවයි. 

කෙසේ නමුත්, ඔවුන්ගේ ගැටළුවලට විසදුම් සෙවීම සඳහා අද පස්වරුවේ සාකච්ඡාවක් ලබාදී ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කළා.

වෘත්තීය ගරුත්වය නැවත ලබා ගැනීම සිය අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයේ අරමුණ බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමයේ සභාපති තිසර අමරනන්ද කියා සිටියේ.

Update : Tuesday, October 4, 2016 12.53 
---------------------------------------------------

ගුවන්  සේවා සමාගමේ පාලන අධිකාරියේ කටයුතුවලට විරෝධය පළ කරමින් සහ වැටුප් විෂමතා ගැටළුවක් මුල් කරගෙන ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය ඊයේ පස්වරුවේ ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකයි.

එම සංගමයේ භාණ්ඩාගාරික තරංග ජයසූරිය හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මේ හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් ගුවන්ගත වන ගුවන් ගමන්වල ප්‍රමාදයක් ඇති වී තිබෙන බවයි.

කෙසේ නමුත්, ගුවන්තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ, කාර්යයේ නියුතු ගුවන් තොටුපළ කළමනාකරු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ කිසිදු ගුවන් ගමනකට මෙම වර්ජනය හේතුවෙන් බාධාවක් එල්ල වී නොමැති බවයි.