වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද නැවතත් පාර්ලිමේන්තුවට

Tuesday, 04 October 2016 - 7:42

%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7
එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද නැවතත්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.

මුදල් අමාත්‍ය රවී කරුණානායක විසිනුයි මෙම නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ.

සියයට 11ක්ව පැවති වැට් බද්ද සියයට 15 දක්වා වැඩි කිරීමට ආණ්ඩුව පසුගියදා පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබූ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය  ප්‍රකාශ කළා.

එහිදී අධිකරණය කියා සිටියේ පනත් කෙටුම්පත ගෙන ඒමට අදාල ක්‍රියාවලියේ වලංගු නොවන බැවින් එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සඳහන් කර ඇති ක්‍රියාමාර්ගයවලට අනුව සකස් කරන ලෙසයි.

ඒ අනුව සකස් කරන ලද වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට සැප්තැම්බර් මස 13 වැනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ කැබිනට් අනුමැතිය හිමි වූ නව වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව සියයට පහලොවේ බදු ප්‍රතිශතය වෙනස් නොවන බවයි.

එමෙන්ම මෙම යෝජනා මාස 09ක පමණ කෙටි කාලයක් සඳහා වලංගු වන බවද ඔහු කියා සිටියා.

අදාල පනත් කෙටුම්පතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාද ඇතුළුත් බවයි අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේ.