විදේශයන්හි දෙමළ සරණාගතයන් නැවත ගෙන්වීමට විග්නේෂ්වරන්ගෙන් කොන්දේසි

Tuesday, 04 October 2016 - 7:56

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%84%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92
ස්විට්සර්ලන්තයේ සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් නැවත මෙරටට එවීම සඳහා සුදුසු ආරක්ෂණයන් සැලසිය යුතු බව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා.

ස්විට්සර්ලන්තයේ අධිකරණ ඇමතිනී සිමොනෙටා සොමරුගා ඊයේ හමුවූ අවස්ථාවේදී ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරලීම ඒ සඳහා මූලික අවශ්‍යතාවක් වන බවයි.

ස්විට්සර්ලන්ත ඇමතිනියගේ පරිවාර නිලධාරියෙකු උතුර ප්‍රධාන ඇමතිවරයාගෙන් විමසා සිටියේ එරට සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් නැවත එවීම සුරක්ෂිත ද යන්නයි.