ජනපති රාජ්‍ය විශ්වවිද්‍යාල විශ්ෂ්ඨතා සම්මාන උත්සවයට

Tuesday, 04 October 2016 - 8:05

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B6%AD%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA%E0%B6%A7
රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් සඳහා වන විශිෂ්ඨතා සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඒ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදියි.

උපකුලපතිවරුන් සහ මණ්ඩපාධිපතිවරුන් වෙත ද මෙහිදී ජනාධිපතිවරයා විසින් සම්මාන පිරිනමා තිබෙනවා.

එමෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් සඳහා ද ජනාධිපතිවරයාගේ සුරතින් සම්මාන පිරිනැමුණා.

තෝරා ගත් විෂය ධාරා 6ක් යටතේ මෙම විශිෂ්ඨතා සම්මාන පිරිනැමුණු අතර ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් මෙන්ම උපකුලපතිවරුන් හා මණ්ඩපාධිපතිවරුන් දිරිමත් කිරීමේ අරමුණින් මෙම සම්මාන උළෙල සංවිධාන කර තිබුණා.