සයිටම් හි තිබී ශරීර කොටස් 26ක් සී.අයි.ඩී.යට

Tuesday, 04 October 2016 - 8:18

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B7%92+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%93+%E0%B7%81%E0%B6%BB%E0%B7%93%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+26%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%A9%E0%B7%93.%E0%B6%BA%E0%B6%A7
අධිකරණ නියෝගයක් මත මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය තුළ ඊයේ සිදුකළ පරීක්ෂණයේදී සොයා ගත් ශරීර කොටස් 26ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා.

ඒ, රග්බි ක්‍රීඩක වසීම් තාජුඞීන්ගේ පළමු පශ්චාත් මරණ පරීක්ෂණයේදී අතුරුදන් වූ ශරීර කොටස් සම්බන්ධයෙන් මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පරීක්ෂා කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් ලබාදුන් නියෝගයෙන් පසුවයි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් සහ වෛද්‍ය විශේෂඥයින් කණ්ඩායමක් මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙත පැමිණ එම ශරීර කොටස් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වුවා.  

 කෙසේ වෙතත්, ඉදිරියේදී පැමිණෙන  ඕනෑම පරීක්ෂණයක් සඳහා තම උපරිම දායකත්වය ලබාදෙන බව මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යක්ෂ වෛද්‍ය රේනුක සමීර සේනාරත්න ප්‍රකාශ කළා.

ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය තුළ සිදුකළ විශේෂ විමර්ශනයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.