විකල්ප සාක් සමුළුවකට නේපාලය සූදානම්

Tuesday, 04 October 2016 - 8:23

%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර නොවැම්බරයේදී පැවැත්වීමට නියමිතව තිබූ 19 වන සාක් සමුළුව කල් දැමීම පිළිබදව නේපාලය කනස්සල්ල පළ කරනවා.

සාක් සංවිධානයේ වර්තමාන සභාපති ධුරය හොඹවන නේපාලය කියා සිටින්නේ සමුළුව පැවැත්වීම සඳහා කලාපීය වාතාවරණයන් සුදුසු නොවන බවයි.

කෙසේ නමුත්, සාක් සංවිධානයේ සියලූම සාමාජික රටවල සහභාගීත්වයෙන් සාර්ථක සමුළුවක් පැවැත්වීම සඳහා පියවර ගැනීමට සූදානම් බවයි නේපාල විදේශ අමාත්‍යාංශය ඊයේ ප්‍රකාශ කළේ.

 කාශ්මීර අර්බුදය උත්සන්න වීම නිසා ඉන්දියාව සාක් සමුළුවට සහභාගි නොවන බව ප්‍රකාශ කිරීමත් සමඟයි පාකිස්තානය සාක් සමුළුව කල් දැමීමට පියවර ගත්තේ.

ඉන්දියාවේ ප්‍රකාශයෙන් පසු බංග්ලාදේශය, භූතානය, ඇෆ්ගනිස්ථානය ද ඉස්ලාමාබාද් සමුළුවට සහභාගි නොවන බව ප්‍රකාශ කළ අතර, සමුළුව පැවැත්වීම සඳහා වාතාවරණය හිතකර නොවන බව ශ්‍රී ලංකාව ද ප්‍රකාශ කළා.