දුම්වැටි තොගයක් අත්අඩංගුවට

Tuesday, 04 October 2016 - 9:58

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
චීනයේ සිට නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා දුම්වැටි තොගයක් ගුවන් තොටුපළ රේගුව විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සදහන් කළේ එම දුම්වැටි තොගය රැගෙන ආ පුද්ගලයින් 4 දෙනෙකු ද රේගු භාරයට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර චීන ජාතිකයින් තුන් දෙනෙකු සහ එක් ශ්‍රී ලාංකිකයෙකු සිටින බවයි වාර්තා වන්නේ.