කුඩා ඇත් පැටවකු අධිවේගේ බස් රථයක ගැටී මියගිය අයුරු දැක්වෙන සංවේදී වීඩියෝව

Tuesday, 04 October 2016 - 11:54

%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B7%80%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80
කුඩා අලි පැටවකු බස් රථයක ගැටී මියගිය අයුරු දැක්වෙන සංවේදී වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ අනතුර තායිලන්තයේ Hang Chat district හි අධිවේගී මාර්ගයක සිදුවූවක් බවටයි වාර්තා වන්නේ.

අනතුර සිදුව ඇත්තේ මාර්ගය හරහා මාරු වීමට ගිය මෙම අලි පැටවා මගී ප්‍රවාහන බස් රථයක ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ.

කෙසේ වෙතත් අනතුර හේතුවෙන් මගීන්ට තුවාල සිදුනොවූවත් බස් රථයේ රියදුරුට බරපතල තුවාල සිදුවූ බවටයි වාර්තා කර ඇත්තේ.

බස් රථයේ සිරවී සිටි රියදුරු බේරාගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබෙනවා.

මෙම අලි පැටවා Elephant Reintroduction Foundation නම් වූ එරට ආයතනයක් භාරයේ සිට ඇති අතර ටික දිනකින් වනයට මුදා හැරීමටද නියමිතව සිට ඇති බවටයි වාර්තා වන්නේ.

මාර්ගයේ ගමන් කළ වෙනත් රථයක සිටි අයෙකුගේ කැමරාවක අලි පැටවා බස් රථයේ ගැටෙන අයුරු දැක්වෙන සංවේදී දර්ශන සටහන් වී තිබුනේ මේ අයුරින්.

(සංවේදී දර්ශන සහිත බැවින් කම්පනයට පත්වන පුද්ගලයන් නැරඹීමෙන් වලකින්න)







ස්පාඤ්ඤයේ ජුවාන් කාලෝස් රජු රට හැර යයි
Tuesday, 04 August 2020 - 17:17

දශක 4ක් ස්පාඤ්ඤයේ කිරුළ හෙබවූ ජුවාන් කාලෝස් රජු රට හැර ගොස්... Read More

උතුරු කොරියාව මිසයිලවලට යෙදිය හැකි න්‍යෂ්ටික අවි නිපදවා ඇති බවට, ජගත් සංවිධාන වාර්තාවක්
Tuesday, 04 August 2020 - 13:06

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි සංවර්ධන වැඩසටහන අඛන්ඩව ක්‍රියාත්මක... Read More

ඇමරිකාවේ නැගෙනහිර වෙරළට මාරුතයක්
Tuesday, 04 August 2020 - 11:45

ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළාසන්න කැරොලයිනා ප්‍රදේශයට... Read More