දුම්වැටි මිළ වැඩිවෙයි

Tuesday, 04 October 2016 - 12:37

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දුම්වැටියක මිල රුපියල් 7කින් ඉහළ දමා තිබෙනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක කියා සිටියේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙය බල පැවැත්වෙන බවයි.

මේ අනුව රුපියල් 35කට පවතින දුම්වැටියක මිල රුපියල් 42 දක්වා ඉහළ යන බවත්, එය සියයට 16ක පමණ ඉහළ නැංවීමක් බවත්, අමාත්‍යවරයා සදහන් කළා.

මේ අතර 2017 අය වැයේ විසර්ජන පනත් කෙටුම්පතට අද කැබිනට් අනුමැතිය හිමි වූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළා.