හිටපු ඇමති බැසිල්ට නොතීසි

Tuesday, 04 October 2016 - 13:15

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%93%E0%B7%83%E0%B7%92
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට මේ මස 07 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස පූගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ අද නියෝග කළා.

ඒ, මල්වාන - ගඟබඩ පාරේ ඉඩමක් මිලදී ගෙන එහි නිවසක් ඉදිකර රජයේ මුදල් අවභාවිතා කළ බවට මොහු විරුද්ධව ඇති නඩුවක් කැදවූ අවස්ථාවේදීයි.

මෙහිදී රජයේ සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම ඉඩමට කිසිවෙකු අයිතිවාසිකම් නොකියන බැවින් එය විකුණා එම මුදල් අධිකරණයේ තැන්පත් කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

කෙසේ වෙතත්, මෙම නඩුවට අද දිනයේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලය අධිකරණය හමුවේ කියා සිටියේ මෙම දේපල සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන්නේ නම් එම අවස්ථාවේදී තම සේවාදායකයා අධිකරණයේ සිටිය යුතු බවයි.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ පූගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා බැසිල් රාජපක්ෂට මේ මස 07 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළා.