වතු කම්කරුවන් අදත් විරෝධතාවයේ

Tuesday, 04 October 2016 - 13:19

%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B7%9A
රුපියල් දහසක දෛනික වැටුපක් ලබාදෙන ලෙස ඉල්ලා අද දිනයේත් වතු කම්කරුවන් ප්‍රදේශ රැසකදී විරෝධතාවල නිරත වුණා.

නල්ලතන්නියේ වතු 8ක සේවකයින් මෙන්ම හාලිඇල සහ බලංගොඩ ප්‍රදේශයේ වතු කිහිපයක ජනතාව අද මෙලෙස විරෝධතාවයේ නිරත වූ බවයි ප්‍රදේශයේ වාර්තාකරුවන් සදහන් කළේ.

හාලිඇල උද්ඝෝෂණය හේතුවෙන් බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙනවා.

මීට අමතරව අවිස්සාවේල්ල නගරයේදී ද වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් ද පැවැත්වුණා.