මැතිව්, හයිටිය කළඹයි

Wednesday, 05 October 2016 - 7:32

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%2C+%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
දශකයකට පසු හයිටිය හරහා හමා ගිය මැතිව් සුළි කුණාටුවෙන් 70,000ක් පමණ අවතැන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

හයිටිය කළඹමින් මෙම සුළි කුණාටුව හමා ගියේ පැයට කිලෝමීටර් 230ක වේගයෙකින්.

සුළි කුණාටුවෙන් මිය ගිය සංඛ්‍යාව මෙතෙක් නිළ වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.

ඇමරිකාවේ ෆ්ලොරිඩා සහ උතුරු කැරොලිනා ප්‍රාන්තවලට ද මැතිව් සුළි කුණාටුව හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.