මහ සඟරුවන අසමගි නොවන අයුරින් විහාර දේවාලගම් පනත ගෙන එන බව ජනපති කියයි

Wednesday, 05 October 2016 - 7:15

%E0%B6%B8%E0%B7%84+%E0%B7%83%E0%B6%9F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B7%83%E0%B6%B8%E0%B6%9C%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%91%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මහා සංඝරත්නය අතර අසමගියක් ඇති නොවන අයුරින් විහාර දේවාලගම් පනත ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ  මහ නාහිමිවරුන්ගේ අවවාද අනුශාසනා මත ගැටළුවක් ඇති නොවන පරිදි එම කටයුතු සිදු කරන බවයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙම අදහස් පළ කළේ පේරාදෙණිය - ගොඩගන්දෙණිය ඓතිහාසික කුරුකුදේ පුරාණ විහාරස්ථානයේ ඊයේ පැවති උත්සවයක් අමතමින්.

අස්ගිරි මහ නාහිමියන්, මල්වතු අනු නාහිමියන් ඇතුලූ ත්‍රෛනිකායික මහා සංඝ රත්නය ද මෙම උත්සවයට එක්ව සිටියා.