මුදල් ඇමති ඇමරිකාවට

Wednesday, 05 October 2016 - 7:39

%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවට සහභාගිවීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක අද ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියා.

සමුළුව මේ  මස 07 වනදා සිට 09 වනදා දක්වා ඇමරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානයේදී පැවැත්වෙනවා.

මෙවර ලෝක බැංකු හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවට ලොව රටවල් 189ක මුදල් අමාත්‍යවරු ඇතුළු මූල්‍ය ක්ෂේත්‍රයේ ඉහළ පෙලේ නිලධාරීන් සහභාගිවීමට නියමිතයි.