ශිෂ්‍යත්වයේ පළමු තැන මාතර ඌරුගමුව මෙතෝදිස්ත විද්‍යාලයට

Wednesday, 05 October 2016 - 8:12

%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+%E0%B6%8C%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B6%AD%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලවලට අනුව දිවයිනේ පළමු ස්ථානය මාතර - ඌරුගමුව මෙතෝදිස්ත කනිෂ්ඨ විද්‍යාලයේ සිතිජ නිරාන් සමරවික්‍රම සිසුවා විසින් හිමිකර ගෙන තිබෙනවා.

ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 196 ක්.

කුලියාපිටිය -අස්සැද්දුම සුභාරතී කනිෂ්ඨ විද්‍යාලයේ රුවන්යා මෙත්මිණි ගුණසේකර සහ වව්නියාව - රම්බෙකුලම් රජයේ මධ්‍ය විද්‍යාලයේ කොකුලතාසන් අහිසිගන් දෙවන ස්ථාන හිමිකර ගෙන තිබෙනවා.

ඔවුන්ගේ ලකුණු සංඛ්‍යාව 195 ක්.

තුන්වන ස්ථාන 9 ක් පවතින බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කෑගල්ල - දැදිගම ප්‍රාථමික විද්‍යාලයේ නදිනි සදෙස්නා රාජපක්ෂ, කුලියාපිටිය අස්සැද්දුම සුභාරතී කනිෂ්ඨ විද්‍යාලයේ තේජන කවුසිත් විජේකෝන්, ඉබ්බාගමුව - ආදර්ශ මධ්‍ය විද්‍යාලයේ නෙත්මි සුබෝධිනි, ත්‍රිකුණාමලය ආර්.කේ.එම්.ශ්‍රී කෝනේෂ්වර හින්දු විද්‍යාලයේ උදයරාජන් කෝෂිකන්, ගිරිවුල්ල - වික්‍රමශීලා මධ්‍ය මහා විද්‍යාලයේ සෙනිත් දිල්වාන් රාජපක්ෂ ශිෂ්‍යත්ව ප්‍රතිඵල වලට අනුව දිවයිනේ 3 වන ස්ථාන ලබා ගත්තා.

ඊට අමතරව, හලාවත - ජෝශප් වාස් විද්‍යාලයේ ඉනේෂ් දුලංජන චන්ද්‍රසිරි, කළුතර - හොරණ රාජකීය විද්‍යාලයේ ලිසඳි ඉමෙත්මා හඳපාන්ගොඩ, කඩුවෙල - බෝමිරිය මුනිදාස කුමාරතුංග කනිෂ්ඨ විද්‍යාලයේ රෙහාරා බිනෝලි මිස්කින් සහ යාපනය - හින්දු ප්‍රාථමික විද්‍යාලයේ උමාශංකර් ජයෙනි තුන්වන ස්ථාන ලබා ගත් අනෙකුත් ළමයින් වනවා.

මොවුන් ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 194 ක්.

අගෝස්තු 21 වනදා පැවති විභාගයට අයදුම්කරුවන් 3,50,740 ක් පෙනී සිටි බවයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපවලට අයත් පාසල් වල ප්‍රතිඵල ලේඛන අද පෙරවරු 9න් පසු විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාව වෙත පැමිණ ලබාගත හැකියි.

අනෙක් පාසල්වල ප්‍රතිඵල ලේඛන අද දිනයේ තැපැල් කරන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේ.

කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳව නැවත පරීක්ෂාවක් අවශ්‍ය නම් නොවැම්බර් 4 වන දිනට පෙර ඉල්ලූම් කළ යුතු වනවා.

විදුහල්පතිවරුන් මගින් ඊට අදාළ අභියාචනා ඉදිරිපත් කළ යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ.



5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ස්ථානය හිමිකරගත් රුවන්යා කියපු කතාව පහතින්.






වව්නියාව - රන්බේකුලම් මහා විද්‍යාලයේ ගෝකුලදාසන් අභිෂිකන් සිසුවා



කුලියාපිටිය - ඇස්වැද්දුම සුභාරතී විද්‍යාලයේ රුවන්යා මෙත්මිණි ගුණසේකර  සිසුවිය