(Update) : වැල්ලවත්තෙන් ඇල්ලූ කොකේන් රැගෙන ඒමට හේතුව හෙළි වේ

Wednesday, 05 October 2016 - 8:08

%28Update%29+%3A+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%92%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%9A
වැල්ලවත්ත ප්‍රදේශයේදී සොයාගත් රුපියල් කෝටි හතරමාරක වටිනාකමකින් යුත් කොකේන් තොගය අලෙවිය සඳහා මෙරටට ගෙනවිත් තිබූ බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

පොලිිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් කොකේන් ප්‍රමාණය කිලෝග්‍රෑම් 2 දශම 5ක්.

මෙම කොකේන් තොගය සමඟ 24 වන වියේ පසුවන නයිජීරියානු ජාතිකයෙකු සහ 53 වන වියේ් පසුවන ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගත් අතර නයිජීරියානු ජාතිකයා කලක පටන් රත්මලාන ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක පදිංචිව සිට ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මොවුන් සතුව තිබී කොකේන් කිලෝවකට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර ඉතිරි කොකේන් සොයාගෙන ඇත්තේ නයිජීරියානු ජාතිකයා රැදී සිටි නිවසේ තිබියදීයි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 09 වැනිදා දක්වා රැදවුම් භාරයේ තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් නයිජීරියානු ජාතිකයා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලය සමඟ සබදතා පවත්වා ඇති ද යන්න පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සඳහන් කළේ.

  Update : Wednesday, October 5, 2016 1.43
---------------------------------------------------------

රුපියල් කෝටි හතර හමාරක වටිනාකමකින් යුත් කොකේන් තොගයක් වැල්ලවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම කොකේන් තොගය සමඟ නයිජීරියානු ජාතිකයෙකු සහ ශ්‍රී ලාංකිකයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.