නිධන් වස්තු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Wednesday, 05 October 2016 - 9:13

%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කන්තලේ - කින්නියා පාර කැළෑබඳ ප්‍රදේශයකදී නිධන් වස්තු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ මොහු ළඟ තිබී රන් පැහැති කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 300ක් බර කුඩා ගුලි 1592ක්, දඹ පැහැයට හුරු මංජුසාවක් සහ ග්‍රෑම් 110ක් බර මැණික් ගලක ස්වරූපය ගත් ගලක් ද සොයාගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් අග්බෝපුර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි සැකකරු ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 10 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.