පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර සහ සරත් වීරවංශ යළි රිමාන්ඩ්

Wednesday, 05 October 2016 - 11:21

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%A2%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%80%E0%B6%82%E0%B7%81+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
අත්අඩංගුවට ගනු ලැබූ ජාතික නිදහස් පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර සහ සරත් වීරවංශ මේ මස 10 වැනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඔවුන් අද පෙරවරුවේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

පසුගිය රජය සමයේ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාව සිටියදී ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිත කීරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 28 වැනිදායි.

ඒ ප්‍රකාශයක් ලබාදීමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය හමුවේ පෙනී සිටි අවස්ථාවේදීයි.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ නිවාස සංවර්ධන අධිකාරියේ වාහන අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ සොහොයුරු සරත් වීරවංශ මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් මස පළමුවනදායි.