කටුනායක ගුවන් ගමන් 200 ක් අවලංගු වෙයි ?

Wednesday, 05 October 2016 - 12:51

%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+200+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%3F
කටුනායක ගුවන් ධාවන පථයේ අලුත්වැඩියා කටයුතු ලබන වසරේ ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසනවා.

මාස 4 ක කාලයක් පුරා සිදුකෙරෙන මෙම අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ගුවන් ගමන් 200 කට අධික සංඛ්‍යාවක් අවලංගු වන බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

කටුනායක ගුවන්තොටුපලේ ධාවන පථය අලුත්වැඩියා කටයුතු සදහා ඇමරිකානු ඩොලර් මිලියන 47 ක මුදලක් වැය වන බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අනාවරණ වුණේ.