සාර්ක් ගැටලුව ගැනත් අද සාකච්ඡා

Wednesday, 05 October 2016 - 13:16

%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F
තුන් දින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (05) දහවල් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ද්වි පාර්ශවීය සාකච්ජා පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වෙන මෙම සාකච්ජාවේදී දෙරට අතර පැවැත්වෙන ආර්ථික හා දේශපාලන සහයෝගිතා වැඩසටහන් සම්බන්ධයෙන් සාකච්ජා කරනු ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

මීට අමතරව මෙම සාකච්ජාවේදී සාක් සංවිධානයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු වනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

මෙම සාකච්ජාවෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් පවත්වන දිවා භෝජන සංග්‍රහයකටද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස එක් වනු ඇති.

එම අවස්ථාවට ඉන්දීය කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් ද එක්වන බවයි වාර්තා වන්නේ.