වසන්ත කරන්නාගොඩ C.I.Dයට පැමිණෙයි

Wednesday, 05 October 2016 - 13:27

%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+C.I.D%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අද (05) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ඒ ඔහු නාවික හමුදාපතිවරයාව සිටි සමයේ කොළඹ සහ ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියකට අදාලව ප්‍රකාශක් ලබාදීම සඳහායි.

2008 - 2009 වසරේ සිදු වූ මෙම පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඞී. කේ. පී. දසනායකගෙන් ද මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක්ද සටහන් කර ගත්තා.

කෙසේ වෙතත් පෙරවරු 8 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අද්මිරාල් වසන්ත කරන්නාගොඩගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවයි රහස් පොලිසියේ ප්‍රකාශයෙකු සඳහන් කළේ.