ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සුවිශේෂ මිත්‍රත්වයක් පවතින බව අගමැති මෝදි කියයි

Wednesday, 05 October 2016 - 18:09

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇත්තේ සුවිශේෂී මිත්‍රත්වයක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ එරට සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ අද පැවති සාකච්ඡාවේදියි.

ඉන්දීය සාගර කලාපය සාමකාමී කලාපයක් ලෙස පවත්වාගෙන යෑමේ වැදගත්කම  පිළිබඳවද ඔවුන් කරුණු සාකච්ඡා කළා.

ලබන වසරේ මැයි මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කිරීමද විශේෂත්වයක්.

ඊට කඩිනමින් ප්‍රතිචාර දක්වන බවයි අග්‍රාමාත්‍ය මෝදි සඳහන් කර ඇත්තේ.

වර්තමානයේ සාක් සංවිධානය මුහුණදී ඇති අර්බුද සම්බන්ධයෙන්ද දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අවධානය යොමුකර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාව සමඟ මිත්‍රත්වය සහ හිතවත්කම තව තවත් තහවුරු  කෙරෙන අනාගතයක් වෙනුවෙන් ඉන්දීය රජය කැපවන බව එරට විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් ප්‍රකාශ කළා.

ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ අද නවදිල්ලියේ පැවති සාකච්ඡාවේදීයි. ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටළුව විසඳීම සඳහා කඩිනම් පියවර ගත යුතු බවයි ඇය එහිදී කියා සිටියේ.

මෙරට ජාතික ආණ්ඩුවට දෙමළ සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුලූ වෙනත් දේශපාලන පක්ෂ සම්බන්ධ කරගෙන කටයුතු කළ හැකි පරිසරයක් උදාකරගැනීම මෑත අතීතයේ ශ්‍රී ලංකාව ලැබූ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණයක් බව ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිංද ප්‍රකාශ කළා.

ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද නවදිල්ලි නුවර දී ඔහු හමුවූ අවස්ථාවේදියි.

එම අවස්ථාවට ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධිද එක්ව සිටි අතර, ඇය මෙරට නව සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳව සහ කලාපීය සබඳතා පිළිබඳව කරුණු විමසා තිබෙනවා.