ගුවන් ගමන් පාලකවරුන් යළිත් අකුරට වැඩ

Thursday, 06 October 2016 - 7:22

%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9
පාලනාධිකාරියේ කටයුතුවලට විරෝධය පළ කරමින් සහ වැටුප් විෂමතාවක් මුල් කරගෙන ගුවන් ගමන් පාලකවරුන් තවදුරටත් අකුරට වැඩ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊයේ පස්වරු 4.45 සිට යළි සිය අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය කියා සිටියේ.

පසුගිය තුන්වනදා මොවුන් මුල්වරට අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ අතර, එය පෙරේදා පස්වරුවේ අත්හිටවනු ලැබුවේ විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සමඟ කරනු ලැබූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි.

කෙසේ වෙතත් තම ඉල්ලීම් සම්බන්ධයෙන් ඊයේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සමඟ තවදුරටත් ඊයේ පැවති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් යළි අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමයේ සභාපති තිසර අමරනන්ද කියා සිටියේ.