උතුර - නැගෙනහිර එක් කිරීමට විරුද්ධයි හිටපු ජනපති මහින්ද කියයි

Thursday, 06 October 2016 - 7:28

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+-+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
උතුරු නැගෙනහිර දෙපළාත ඒකාබද්ධ කිරීමට තමන් විරුද්ධ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

බත්තරමුල්ල - නෙළුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ මෙහෙයුම් කාර්යාලයේදී වෘත්තිය සංවිධානවල නියෝජිතයන් සමඟ ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මේ බව සඳහන් කළා.

එමෙන්ම ඒකාබද්ධ විපක්ෂය බිහිකිරීමට සූදානම් වන නව බලවේගයට සහයෝගය පළ කිරීම සඳහා මුස්ලිම් ජනතාවගේ සංවිධානයක් බිහි කරන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙහිදී තවදුරටත් කියා සිටියා.